ආදරණීය දරුවනි, දෙමව්පියනි
මම නමින් ශ්‍රීවාසල. ඉපදෙන්නේ සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විදියට 1995 ජූලි 16 කුරුණෑගල දී. මගේ අම්මා කළමණාකාරිණියක්. තාත්තා විදුහල්පතිවරයෙක්. එකම සහෝදරයත් ගුරුවරයෙක්. කුඩාකල සිටම අධ්‍යාපනික පරිසරයක් තුල හැදීවැඩුණු මම ගල්ගමුව ජාතික පාසලෙන් සහ කැකිරාව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. භාෂා ඉගෙනීමට හා විදෙස්ගත වීමට තියෙන දැඩි ආශාව නිසාම භාෂා අංශයෙන් ඉදිරියට යන්න තීරණය කරන මම උසස් අධ්‍යාපනයට 2012 දී කොළඹ එනවා. පියවරෙන් පියවර මහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන භාෂා ප්‍රවීනතා විභාග ඉහළින්ම සමත් වෙමින් ගුරු වෘත්තියට පා තබන්න තීරණය කරනවා. පසුව Cambridge TKT, ඉංග්‍රීසි භාෂා උසස් ඩිප්ලෝමා සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබද උසස් ඩිප්ලෝමාව අවසන් කරමින් ප්‍රවීන දේශක හා ලේඛක ජයතිස්ස අතාවුදහෙට්ටි මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ අභිමානවත් ගුරු වෘත්තියට අත්පොත් තියනවා. එතනින් ලැබූ පන්නරය, විශ්වාසය හා මගපෙන්වීම තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉන් පසු මම තවත් ලංකාවේ පිළිගත් ප්‍රමුඛ පෙලේ ඉංග්‍රීසි අධ්‍යාපනික ආයතනයක ගුරුවරයෙක් විදියට සේවය කරනවා.
අද වන විට මම සුදුසුකම්ලත් Cambridge ESOL ගුරුවරයෙක්. ඉංග්‍රීසි භාෂාව හා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැනවීම පිළිබද උසස් ඩිප්ලොමාධාරියෙක්. එක්සත් රාජධානියේ Coventry විශ්වවිද්‍යාලයේ BA (Hons) English & TESOL උපාධි අපේක්ෂකයෙක්. සරලවම කියනවා නම් හීන අරමුණු ඉලක්ක ගොඩක් කරපින්නාගෙන එකින් එක, පියවරෙන් පියවර හඹායන ඒවා අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ලගාකරගන්න කෙනෙක්. අන්න ඒ හීන අරමුණු ඉලක්ක ගොඩේ තියෙන එක අරමුණක් තමයි ඔයාගේ ඉංගීසි දැණුම, භාෂාමය හැකියාව වර්ධනය කරලා මේ අධ්‍යතන සමාජයට නොභියව මුහුණ දිය හැකි විශිෂ්ට සන්නිවේදකයෙකු කිරීම. එදා ඉදන් අද වෙනකන් මගේ අනිත් හීන අරමුණු ඉලක්ක සාක්ශාත් කරගන්න කැපවුණා වගේම මේ අරමුණ වෙනුවෙනුත් මම කැපවෙනවා.
මේ වසරේ අගෝස්තු වන විට BA (Hons) English & TESOL උපාධිය අවසන් කරලා MA in English Linguistics හදාරන්න මහා බ්‍රිතාන්‍යයට ලබන වසරේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ PHD දක්වා එංගලන්තයේ අධ්‍යාපනය හදාරා දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබද විශ්වවිද්‍යාල දේශකවරයෙක් වීමයි. මම ලෝකේ කොහේ හිටියත් ඔයාව ගොඩදාන එක අත්හරින්නේ නැහැ. ඉගැන්වීමට අමතරව මම විනෝදාංශයන් විදියට ඡායාරූපකරණය, සිනමාකරණය හා කෙටිචිත්‍රපටකරණය වගේ ක්ෂේත්‍ර වලට දැඩි ඇලමක් දකවනවා. අධ්‍යාපන කටයුතු හා ඉගැන්වීම් කටයුතු වලින් පොඩි වෙනසක් ඕනි වුණාම කරන්නේ විනෝදාංශයන් එක්ක තනිවෙන එක. ඔයාලත් අධ්‍යාපනය රැකියාව මේ හැමදේම අතරේ ඔයාව සතුටු කරන ඔයා ආදරේ කරන විනෝදාංශයක් තියාගන්න. ඒ්කත් ජීවිතේට ගොඩක් වැදගත්.
ඇත්ටම අපේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ගැන කල්පනා කරලා බලනකොට අද පවතින ප්‍රමිතිය ගැන ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැහැ කියන ඒක අපි කවුරුත් පිළිගන්න දෙයක්නේ. ගොඩක් වෙලාවට කොළඹ ආශිත පාසල් හා දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයක දරුවන් පිරිසකට ඇරුනම අපේ සාමාන්‍ය පාසල් දරුවන්ට විශ්වාසයෙන් ඉංග්‍රීසියෙන් කතා කළ හැකි තත්වයක් තියෙනවාද? ඇත්තටම නෑ නේද... එහෙමනම් අපිට වැරදුනේ කොතනද? අපේ පාසල් දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට තම ජීවිතයට බලපාන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ. ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ විභාගයේදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සමත් වීමට සිසුන්ට හැකියාව ලබා දීමට මිස අදහස් ප්‍රකාශ කිරීමට නොවන බව ඉතා පැහැදිලියි.
මෙම අඩුපාඩුව මඟහරවා ගැනීම සඳහා මම නව ප්‍රවේශයක් අනුගමනය කරනවා. විෂයක් විදියට භාෂා විදයාව (English Linguistics) හා ඉගැනවීම් ක්‍රමෝපායන් (Teaching Methodology) පිළිබද මා උකහාගත් දැනුම සහ ගුරුවරයෙක් විදියට මා ලද අත්දැකීම් තුලින් විෂයක් වෙනුවට භාෂාව ඉගැනවීම සහ අදහස් පරිවර්ථනය කිරීම වෙනුවට ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු කරන ප්‍රායෝගික ක්‍රමය ඔයාලට ඉගැන්වීම සාර්ථක බව මම විශ්වාස කරනවා. ඉතිං හරිම සංකීර්ණ විශයක් විදියට අමාරුවෙන් අකමැත්තෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නවා වෙනුවට භාෂාවක් විදියට ක්‍රමවත්ව විධිමත්ව ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාලා මාත් ඒකක මෙතන පොඩ්ඩක නතර වෙලා බලන්න. මොකද මේ ඉංග්‍රීසි අධ්‍යාපනය සුළුකොට තකන්න එපා. ඔයාට ඔයාගේ ජීවිතේ ඉංග්‍රීසි කියන අඩුව වහගන්න බැරි තැනක් අනිවාර්යෙන්ම නුදුරු අනාගතේ දවසක එනවා. අන්න එදාට පසුතැවිළි නොවී විශ්වාසයෙන් ඊළග අඩිය තියන්න නම් ඉංග්‍රීසි භාෂාවේ චතුර සන්නිවේදකයෙකු වීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා.
මෙය සම්පුර්ණයෙන්ම අන්තර්ක්‍රියාකාරී ඔන්ලයින් පන්තියක්. ඔයාට සාම්ප්‍රදායික උපකාරක පන්තියකට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳම භාෂා ඉගෙනීමේ අත්දැකීම ලබා ගන්න මගේ ඉංග්‍රීසි භාෂා පන්තියකට සහභාගී වෙලාම බලන්න.
Reviews
Write a public review