සෙනෙහෙබර දරු දැරියනි,
ඔයාගේ, මගේ අපි හැමෝගෙම පුංචි කාලේ ජීවිතේ හරිම සැහැල්ලුයි. අපිට ඒ කාලේ ලොකු ලොකු හීන තිබුණේ නැහැ. මහන්සි වෙලා වැඩ කරන්න ලොකු අරමුණු තිබුණේ නැහැ. කන බොන දේවල් එහෙමත් නැත්තම් සෙල්ලම් බඩු තමයි ඉතින් ඒ කාලේ අපේ ලොකුම හීන.
මතක ද........? කොල්ලන්ට නම් සෙල්ලම් කාර්, තුනක්කු ඕවා තමයි. කෙල්ලන්ගේ නම් ආසාව බෝනික්කන්ට. එක එක විදිහෙ විච්චූරණ බෝනික්කෝ, පාට පාට බෝනික්කෝ එහෙම නැත්තම් ඇස් නටවන බෝනික්කෝ. පුන්චි කාලෙ කෙල්ලෙක්ට ඊට වැඩිය දෙයක් නැහැ. ඒ දවස් වල අපිට ජීවිතේ කිසිම බරක් පතලක් නැහැ දරුවෝ.
ඒත් අපි ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට තව එක එක දේවල් වලට ආස කරනවා. ලස්සන ඇඳුම්, ලස්සන සපත්තු දෙකක්. පාට පාට පෑන්, පැන්සල් ගොඩක්. බලන්න සමහර විට අදත් ඔයාට ඒ ආසාව ඇති. ඉතින් අපිට මේ දේවල් මහමෙරක් වගේ. ඊට වැඩිය දෙයක් නෑ. ඒ කාලෙට හෙට දවසක් ගැන හිතෙන්නේවත් නැහැ. ටිකෙන් ටික සාමාන්‍ය පෙළ වගේ වෙනකොට ඒ සැහැල්ලු බව නැතිවෙලා යනවා. අනාගතය ගැන මුළින්ම හිතන්න පටන් ගන්නේ අපි ආස කරන දේවල් එක්ක. ලොකු වෙලා ගන්නවා අර වගේ ලස්සන කාර් එකක්, ලස්සන ලොකු ගෙයක්, මට වගේම ඔයාටත් ඒ හීන තියෙන්න ඇති.
ඉතින් පුතේ අපි සාමාන්‍ය පෙළට වැඩ කලේ ඔයවගේ විකාර හීන එක්ක. ඒත් ඕලෙවල් හොදට පාස් උනාම අපේ ඒ විකාරය ප‍්‍රකාරයක් උනා. අපි අනාගතේ හරියටම වෙන්නේ කව්ද කියලා කියන්න, හිතන්න පුරුදු උනා.
ඔයාට ඕනි ඩොක්ටර් කෙනෙක් වෙන්න. එහෙමත් නැත්තම් සුපිරි තාලෙ ජොබ් එකකට පැනගන්න. කැම්පස් යන්න. මමත් ඒ හීනෙ ඔය විදියටම දැක්කා. සරසවි හීනේ ..... පුදුම හැඟීමක් දරුවෝ මතක් වෙනකොටත්. ඔයා මගේ ළගට ආවේ අන්න ඒ හීනෙට ලස්සන පාට එකතු කරගෙන හීනේ සැබැවින්ම යථාර්තයක් කරගන්න. ඉතින් පුතේ පිළිගන්නම් ඔබව සෙනෙහසින්. මේ ඔබේ සරසවි හීන හාදකමින් පුරවාලන එකමත් එක Biology පංතිය යි.
ඔබට නුහුරු නුපුරුදු වට පිටාවක, නොහඳුනන ගුරු භූමිකාවක ආශිර්වාදාත්මක මාර්ගෝපදේශනය ලබන්නට විශ්වාසයෙන් යුතුව පැමිණ ඇතැයි මම පළමුව සිතමි. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ යැයි කියාගත් ගුරුවරුන් මෙන්ම මාගේ වයසටත් වඩා ජීව විද්‍යාව උගන්වා ඇති ගුරුවරුන් අතරට මා අ.පො.ස උසස් පෙළ සමත් වූ කාල වකවානුවේම ප්‍රවිෂ්ඨ වූයේ සියගණනක් ගුරුවරුන්ගේ අත්පත්‍රිකා, පෝස්ටර්, වෙනත් ප්‍රචාරක පුවරු, ගුවන්විදුලි දැන්වීම්, රූපවාහිනී දැන්වීම් මැද කිසිදු බියකින් නොවේ යැයි කිවහොත් මම බොරුකාරයෙක් වනු නොවනුමාන ය.
බොහෝ දෙනාගේ අභියෝග මැද 20 හැවිරිදි තරුණයා පළමු වර පන්තියක් ඉදිරියට එන විට කන් දෙක රත් වූ හැටිත්, හෘද ස්පන්දනය වැඩි වූ හැටිත්, වචන පැටලුන හැටිත් මතක් වන විට තවමත් මුවට සිනා නැගෙන්නේ දැනුමින් සහ විෂය කරුණු වලින් පමණක් එදා මා සන්නද්ධව සිටි නිසා ය. එදා පටන් උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස මගේ දරුවන්ට උසස් ප්‍රතිඵල ලබා දෙන්නට මට හැකි වූයේ මා තුළ වූ දක්ශතාවය නිසාම පමණක් නොව එම දරු දැරියන් මා ගැන තැබූ නිර්මල විශ්වාසය ද නිසා යැයි මම සිතමි.
ඉතින් දිනෙන් දින වෙනස් වන ජීව ලෝකයේ, ජීව විද්‍යා විෂය ක්ෂේත‍්‍රය තුළ ඔබට ද මාගේ සෙවන ලබා දෙන්නට හැකි වීම ගැන අනේක වාරයක් සතුටු වෙමි.
වෙනත් කිසිදු පාඨමාලාවකින් ඔබට නොලැබෙන නිබන්දන සහ මගපෙන්වීමක් ලබා දෙමින් මා උත්සහ කරන්නේ මා පසු කර යෑමට ඔබ මෙහෙයවන්නටත්, මා විදි නිරාමිස සතුට ඔබට ලබා දීමටත්, මාගේ ආදරණීය දෙමවිපියන් විදි සතුට ඔබේ සෙනෙහෙබර දෙමව්පියන්ටත් ලබා දීමටයි.
මා මෙම සටහන තබා ඇති කටෝර වාග් මාලාව දකින ඔබ ඇතැම් විට මට දොස් දෙවොල් තබනු ඇති බව ද දනිමි. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුල් වී මසක් යන්නටත් මත්තෙන් ඔබ මට ඒ සඳහා තුති පුදනු ඇති බවත් මම දනිමි. ඉතින් දරුවනේ මම ඔබට ජීවය, ජීවිතය සහ ජීව විද්‍යාව කියා දෙන්නෙමි. ඔබ ඔබේ සරසවි හීනයට පිය මනින්න. සුබ පැතුම්....
ඔබ සැමට උත්සහවන්ත හෙට දිනක් ....!!!
මහේෂ් බජ්ජල
B.Sc.(Biological Science)Sp.(Botany)Hons.
Write a public review