ආදරණීය දුවේ පුතේ,
මේ වෙලාවේ ඔයාලට තියෙන ලොකුම කඩයිමනේ සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ. දවසින් දවස ඔයාලා මේ අවස්ථාවට ලං වෙනවා. මේ ගෙවෙන තත්පරෙත් ලොකූ වටිනාකමක් තියෙනවා. මේ පුංචි කාලයේ ඔයාට කැපකිරීම් ගොඩක් කරන්න වෙයි. හැබැයි ඒ ඔයාගෙම අනාගතය වෙනුවෙන්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය ඔයාලට දැනෙන්නේ කොහොමද. ටිකක් අමාරුයි වගේද. ඔව් පුතේ විෂයක් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඒක අමාරුයි තමයි. හැබැයි ඉංග්‍රීසි කියන්නෙ විෂයක්ද. ඒක භාෂාවක්. සිංහල කියන්නෙත් භාෂාවක්. හැබැයි අපි සිංහල භාෂාවක් විදියට පෝෂණය උනාට පස්සෙයි විෂයක් විදියට ඉගෙන ගන්නේ. ඉතිං එහෙම නම් අපිත් කරන්න ඕනි භාෂාවක් විදියට ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය වෙලා තමයි විෂයක් විදියට විභාගයට අවශ්‍ය දැනුම හා කුසලතා සංවර්ධනය කරගන්න එක.
අපි මේ පාඨමාලාවේදී මුලින්ම ඉංග්‍රීසි භාෂාවට ඔයාව නිරාවරණය කරනවා. කියවීම ලිවීම අහුන්කන් දීම හා කථනය කියන චර්විධ කුසලතා ක්‍රමානුකූලව සංවර්ධනය කරනවා. එතනින් පස්සෙ අපි ටිකෙන් ටික මූලික මට්ටමේ ඉඳලා තරමක් සංකීර්ණ ව්‍යාකරණ, වචන හා ඉංග්‍රීසි භාවිතයන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත් වෙන්න අවශ්‍ය කරන කොටස් ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික සංකීර්ණව ඉගෙන ගන්නවා. ඉතාමත් මූලික මට්ටමේ පිළිතුරක් ගොඩනැගීම වෙනුවට නිවැරදි ව්‍යාකරණ භාවිතා කරලා, උසස් වාග්මාලාවක් භාවිතා කරලා සංකීර්ණ පිළිතුරු ගොඩනගන්න අපි උගන්වනවා.
විෂය නිර්දේශය කඩිනමින් අවසන් කරමින් පසුගිය ප්‍රශ්නපත්‍ර හරහා විභාග බිය තුරන් කරමින් පෙරහුරු හා පුනරීක්ෂන අභ්‍යාස හරහා ඔබේ විශ්වාසය ගොඩනගන්න අපි කටයුතු කරනවා.
නවීන තාක්ෂණය යොදාගනිමින් කථනය , ලිවීම , කියවීම මෙන්ම සවන්දීමේ හා කථනයේ හැකියාවන් සංවර්ධනය කරමින් ඔබට බියෙන් සැකෙන් තොරව සාර්ථකව ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සියල්ල ලබා දීමට අප වගකීමෙන් යුතුව බැදී සිටිනවා. නිසැක A සිහිනයට හොඳම ඉංග්‍රීසි පාඨමාලාව.
මේ සය මාසික සහතිකපත්‍ර ඉංග්‍රීසි පාඨමාලාව තුලින් අපි මේ පහළ තියෙන අංශ ඉතාමත් සිවිස්තරාත්මකව හා පුළුල්ව ඉගෙන ගන්නවා. හැබැයි හරිම සරල විදියට.
Note
Notice
Formal letters
Informal letters
Picture describing
Small topic
Passive voice
Direct/Indirect speech
Bar graph/Pie chart/Normal tables
Venue, Date, Time
Reading & Answering(Paragraph, Dictionary page)
Phrasal verbs
Tenses
Conjunctions/Prepositions
Essay Writing
Write a public review