Cryptocurrency ගැන විවිධ ආකාරයේ අර්ථදැක්වීම් තිබුනද, හුදෙක්ම කීවොත් එය ඔබෙත් මගෙත් මූල්‍යමය වශයෙන් නිදහස්බාවයට යාමට ඇති එකම මාවතයි. මං ඇයි මූල්‍යමය නිදහසක් ගැන කතා කරන්නේ ? ඇයි අපිට මූල්‍යමය නිදහසක් ඕනි වෙන්නෙ? අපි එහෙම නිදහසක් තියෙන වටපිටාවක නෙවේද එතකොට මේ ජීවත් වෙන්නේ? උත්තරය "නෑ".
නිකමට හිතලා බලන්න ඔයාගෙ බැංකුවට දාලා තියෙන සල්ලි ඔයාට ඕනි විදිහකට පාවිච්චි කරන්න දෙනවද කියලා ඒ ගොල්ලො? එකපාර ලොකු මුදලක් එලියට ගන්න ඕනි උනාම ලේසියෙන් ගන්න දෙනවද? ඒ ඇයි ? තව දෙයක් යාලුවෙක්ට හදිසියේ සල්ලි ඔන්ලයින් ක්‍රමේට දාන්න යද්දි ලොකු ගානක්නම් ලිමිට් කරනවා නේද? තව කොමිෂනුත් කපාගන්නව නේද? ඉතින් ඒ ඔයාගේ සල්ලිනේ...කෝ එතන මූල්‍යමය නිදහසක් ? අපි මේ ජීවත්වෙන්නේ මූල්‍යමය නිදහසක් තියෙන ලෝකෙක නෙවේ. ඒකයි හේතුව !
ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට ආපු, මිනිසුන්ගේ මූල්‍යමය නිදහස සළසාදෙන, බැංකු පද්ධතියෙන් තොර තමන්ට රිසි පරිදි ගනුදෙනු කිරීමට හැකි විකේන්ද්‍රගත මුදල් හුවමාරු කිරීමේ මාධ්‍යක් විදිහට අපිට මේ Cryptocurrency හඳුන්වන්න පුලුවන්.
හරි අපි දැන් කෙලින්ම මේකෙන් සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියල බලමු. ඔයලා හෙමෝම දන්න ඩොලරය ගත්තත් වෙන මුදල් ඒකකයක් ගත්තත් මේවා හැම වෙලාවෙම එකම අගයක තියෙන්නෙ නෑ. විචලනය වෙනවා. අන්න ඒ වගේමයි මේ ක්‍රිප්ටොකරන්සිත්. මේවත් විචලනය වෙනවා ඉතාමත් වේගෙන්. අපි කරන්නෙ Cryptocurrency Coin එකක මිල අඩුවුණු හැටිය Buy කරලා වැඩිවුණු හැටිය Sell කරන එකයි. ඒ වගේම තමා Coins වල අගය අඩු වෙන අවස්ථා වලදි අපිට ඒ Coins, Short (ෂොර්ට්) කිරීම තුලිනුත් ඉතාමත් ලොකු ලාභයක් ලබන්නත් පුලුවන්.
ඉතින් මේක දැන් කරන්න ගියපුවම හිතන තරම් ලේසි වෙන්නෙනම් නෑ. අමාරුම දේ තමයි හරිම Coin එකක් තෝරගෙන Buy කරන්න සුදුසුම අවස්ථාව සහ Sell කරන්න සුදුසුම අවස්ථාව හොයාගන්න එකයි. ඉතින් මේ කියපු දේවල් කරන්නනම් අපි ප්‍රස්ථාර විශ්ලේෂණය (Charts Analysis) කරන හැටි ඉගෙන ගන්න ඕනි. අන්න ඒ කොටස හරියට කියල දෙන එක තමා මගේ වගකීම. ඒ කියලා දෙන දේ හොඳින් පුහුණු වීම තමා ඔයාලගෙ පැත්තෙන් වෙන්න ඕනි එකම දේ. එහෙම කලොත් මේ ක්‍රිප්ටොකරන්සි වලින් Trade කරල ලංකාවටත්, ඔයාටත් ඩොලර් ගෙන්න ගන්න එක මහ දෙයක් නෙවෙයි !
අපේ ප්‍රධාන අරමුණ ඔබේ සාර්ථකත්වයයි, ඔබේ සාර්ථකත්වය රටේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා මොකද ඔබ හොයන්නෙ ඩොලර්ස්...ඉතින් මේකට පොඩි කට්ටක් කන්න තියෙනවා.ජීවිතේ සුන්දර දේවල් අපිට ලේසියෙන් හම්බෙන්නෙත් නෑනේ නේද ? හැබැයි අපි එකතු වුණොත් මේ වැඩේ ලස්සනට කරන්න පුලුවන්. ඉතින් තීරණය ඔබේ අතේ !
අපගේ පාඨමාලාවේ විශේෂතා...
Cryptocurrency Trading පිලිබඳව කිසිඳු අවබෝධයක් නැති අයකුට වුවද A to Z දැනුමක් ලබාදීම.
ක්‍රම ක්‍රමයෙන් සිසුවාගෙ Trading කුසලතාවය සහ ආත්ම විශ්වාසය ගොඩ නඟමින් ඔහුව හෝ ඇයව සාර්ථකත්වය කරා ගෙනයාම.
තේරුම් ගැනීමට ඉතාමත් පහසු සරල සිද්ධාන්ත වල සිට සංකීර්ණ සිද්ධාන්ත දක්වා නොදැනීම සිසුවාව රැගෙන යාම සහ එම සිද්ධාන්ත ආදේශ කර ලාභ උපයන ආකාරය කියා දීම.
සියලු දෙනාම එකතු කරගෙනම පාඩම් වල ගැඹුරට යාම. යම් කෙනෙකුට තේරුම් ගැනීමට අපහසු කොටසක් වෙතොත් ඒ වෙලාවේම තේරුම් කරදීමට උත්සහ කිරීම.නැතහොත් පංති වේලාවට අමතරව දින වෙන් කරවාගෙන ගැටලු නිරාකරණය කරගැනීමට උපකාර කිරීම.
පාඨමාලාව අවසන් වීමෙන් පසුවද අපගේ Telegram groups වලට සම්බන්ධ වීමෙන් Life-time support එකක් ලැබීම.
පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව ගුරුවරයාගේ signals හෝ වෙනත් අයකුගේ signals නොමැතිව වුවද තනිවම Profitable Trader කෙනෙකු ලෙස වැඩ කටයුතු කරගෙන යාමට හැකිවීම. (මේ බව අපෙන් මීට පෙර ඉගෙනගෙන ඇති සිසුන්ගෙ අදහස් දෙස බැලීමෙන්ම ඔබට එය වඩාත් තහවුරු කරගත හැක.)
Write a public review