මෙම පාඨමාලාව හරහා ඉංග්‍රීසි භාෂාවේ මූලික ව්‍යාකරණ හා සිද්ධාන්ත තුලින් ඔබේ ඉංග‍්‍රීසි දැනුම ජාත්‍යන්තර මට්ටමට දියුණු කෙරෙන අතර කියවීම, ලිවීම, සවන්දීම හා කථනය යන චතුර්විධ කුසලතා ඉතාමත් නිවැරදිව හා ක‍්‍රමානුකූලව සංවර්ධනය කෙරන්නෙමු. මෙම පාඨමාලාව අවසානයේදී සියළුම සිසුන් Cambridge University මගින් පවත්වනු ලබන ජාත්‍යන්තර ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රවීනතා පරීක්‍ෂණයන්ට යොමු කෙරේ. ඔබ මෙහිදී ලබාගන්නා සහතිකපත‍්‍රය ස`දහා රටවල් 120ක් සහ ලොව පුරා විශ්වවිද්‍යාල 20,000 කට අධික සංඛ්‍යාවක් තුළ ඉහළ පිළිගැනීමක් ලැබෙන අතර ඒ මගින් ඔබට වැඩිදුර අධ්‍යාපනය ස`දහා විදෙස්ගත වීමේ හැකියාව, IELTS විභාග ප‍්‍රතිඵල ඉදිරිපත් කිරීමකින් තොරව වීසා බලපත‍්‍ර ස`දහා අයදුම් කිරීමේ හැකියාව, ඉහළ වෘත්තිමය පිළිගැනීමක් ලැබීම වැනි වරප‍්‍රසාද රාශියක සාඩම්බර හිමිකරුවෙකු වන්නට අවස්ථාව උදා වේ. තවද මෙම සහතිකපත‍්‍රය යාවජීව සහතිකපත‍්‍රයක් බැවින් ඔබගේ වටිනා කාලය සහ මුදල් වෙනුවෙන් මෙය ඔබ කරනා සාර්ථක ආයෝජනයක් වීම සුවිශේෂත්වයකි.
මෙම විභාගය මගින් භාෂාවේ චතුර්විධ කුසලතා පරීක්ෂා කරයි. මිනිත්තු 60කින් සමන්විත පළමු කොටස හරහා කියවීමේ සහ ලිවීමේ හැකියාව පරීක්ෂා කරන අතර එය මුළු ප්‍රශ්න 32කින් සමන්විතයි. මිනිත්ත1 30කින් සමන්විත දෙවන කොටස හරහා ඔබේ සවන්දීමේ හැකියාව පරීක්ෂා කරයි. මෙම කොටසේ ප්‍රශ්න 25ක් අන්තරගත වේ. මිකිත්තු 10කින් සමන්විත තුන්වන කොටස හරහා ඔබේ කථන හැකියාව පරීක්ෂා කරයි. සිසුන් යුගල වශයෙන් මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන අතර පරීක්ෂකවරයා සමග කෙටි සංවාදයකින් පසු සිසුන දෙදනාට එකිනෙකා සමග පරීක්ෂකවරයා ඉදිරියේ සංවාදයේ යෙදීමට සිදු වේ.
Write a public review