Course

Categories

Advanced Level Certificate In English

SriWasala
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

ආදරණීය දුවේ පුතේ , 

     

සාමාන්‍යය පෙළින් පසු ඔබත් ඉංග්‍රීසි විෂය අත් හැරීමට සිතන්නේද ?  ඔබ  ඉදිරියේදී   උසස් පෙළින් පසු පා තබන්නේ  තරගකාරී ලෝකයටයි. එහිදී ඔබට  එදිනෙදා සියලුම  වැඩ කටයුතු සදහා ඉංග්‍රීසි දැනුම  අත්‍යවශ්‍යම  දෙයක් බව දැනුවත්ද ? 


ගොඩක් වෙලාවට අපි දකිනවා උසස් පෙඅල දරුවෝ ඉංග්‍රීසි විෂය අත්හරිනවා. උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල අද්‍යාපනයේ දීත් ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. අවුරුදු 13ක්ම සිංහලෙන් ඉගෙන ගත්ත ඔයාට ගොඩක් වෙලාවට මෙතනින් එහාට ඉගෙන ගන්න වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 


ඉතිං ඒකත් එහෙම නම් ඇයි අපි ඉංග්‍රීසි විශය අතහරින්නේ. එක හේතුවක් තමයි කාලය. ප්‍රධන විෂයන් තුනට අවධනය යොමු කරනකොට මේක මගහැරෙනවා. ඒත් ඒකෙන් වෙන්නේ දවසක ඔයාට පසු තැවෙන්න වෙන එක. 


උසස් පෙළ හදාරන දරුවන්ට වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් වන හෝ දැනටමත් අධ්‍යාපනය ලබන ඔබ වෙනුවෙන්ම සකස් කරපු සය මාසික පාඨමාලාවක් තමයි මේක. ව්‍යාකරණ  ඇතුලු විෂය  දැනුමට  අමතරව සාමූහික ක්‍රියාකාරකම් හරහා බියෙන් සැකෙන් තොරව තම අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව , පිරිසක් සමග සන්නිවේදනය කරන  ආකාරය , සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරය , රාජකාරි ලිපි, ජීව දත්ත පත්‍රිකා නිර්මාණය   ඇතුලු  උසස් අධ්‍යාපනය ලබන  දරුවෙකුට අවශ්‍ය අත්‍යවශ්‍ය දැනුම  ලබා දීමට අප සූදානම් . අභ්‍යාස ලිවීම , පෙරහුරු ප්‍රශ්න පත්‍ර හරහා ඔබේ ලිවීමේ හැකියාව වර්ධනය කරන අප ඔබේ ප්‍රගති මට්ටම නිරන්තරයෙන්  මැන බලමින් ඔබව දැනුවත් කරනවා.


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews