Course

Categories

8/9 ශ්‍රේණි විද්‍යාව පාසල් විෂය නිර්දේශය

Darshana wannisinghe
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

පුතේ ඔයාලට ඉගෙන

පුතේ ඔයාලට ඉගෙන ගන්න අමාරූ, තේරුම් ගන්න අමාරු විශයක් කියන්න කියලා මන් ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා දෙන පලවෙනි උත්තරේ මොකක්ද? ඒ තමයී "විද්‍යාව". ඉතිම් ඔයාල ඒ උත්තරේ දෙන්න ප්‍රධාන හේතුව ඔයාලට ඉගෙන ගන්න ඇති නොහැකියාව වත් බුද්ධිමත්මත් කමේ අඩුපාඩුවක් වත් නෙවෙයි. ඔබට හරියට විශය උගන්වන ගුරුවරයකු හමු නොවීමයී   එය ඔබේ වරදක් නෙවෙයි පුතේ. 

ලොකු ලොකු වචන ඇතුලේ තියෙන සරල දේ හරියට පැහැදිලි කරන ගුරුවරයකු හමු නොවීමයි. 

දැන් ඒ අතීතය ගැන පසුතැවීමෙන් පලක් නැත. ඔබට මා හමුවුනා කියන්නෙම මේ ඔබේ අමාරුම විශය ලේසීම විශය වන කාලයයි. ඒ ගැන සීයට සීයයක්ම වගකීම මම බාරගනිමි. 

එහෙම ලේසිම විශය විශය කරන්නේ කොහොමද කියලා ඔබ මගෙන් ප්‍රශ්නයක් අසාවී. ඒ මෙහෙමයි පුතේ මා ලග ඔබට ඉගෙන ගන්න ලේසී කෙටි ක්‍රම තියෙනවා, පුන්චි කාලේ වගේම දැනුත් ඔබ කතන්දර අහන්න කැමති කියලා මම දන්නවා ඉතිම් විශයට අදාල ලස්සන ලස්සන කතා ගොඩක් මා ගාව තියෙනවා. මගෙන් ඉගෙන ගන්න ඔබට කාලය ගතවෙනවා වත් දැනෙන්නේ නැතිවෙයි ඒ තරමටම ඔබව හදුනාගෙන ඉගැන්වීමට මට පුලුවන්. 

පුතේ... එන්න අපි අලුත් ගැම්මක් අරන්  එකට වැඩ කරමු. මේ විශය ගොඩදාන එක මහා ලොකු කජ්ජක් නෙවේ ඔබට කරන්න තියෙන එකම දේ මා ගැන විශ්වාසය තියන එක විතරමයී.ඔයාලව ගොඩදාන හැටි මම පෙන්නන්නම්.

මම එක ලමයකුගෙන් පටන් ගෙන මේ කෙටි කාලය තුල ලමයි සියදහස් ගනනක් ගොඩදාපූ ගුරුවරයෙක්. 

පුතේ මේ හැකියාව මටත් නිකන්ම පහල වූවක් නොවෙයි. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා මේ වනවිට ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධියක් හදාරමි.

පුතේ ඔයාලගෙ අම්මගෙ තාත්තගෙ දහසක් බලාපොරොත්තු මල් ඵල ගන්නවන්න.. 

ඔයාලගෙ හිත් වල තියෙන ඉලක්ක වලට යන්න පාර මං පෙන්නන්නම්. 

ගෙවුනු කාලය ගැන හිතන්න එපා.

 අපි වර්ථමානයේ ඉදන් අනාගතය වෙනුවෙන් එකතු වෙලා වැඩ කරමු..

 මම ඔයාලගෙ

 ' හීන වලට පන දෙන හදවතේ ගුරුවරයා ' 

විද්‍යා දේශක,   

 -දර්ශන වන්නිසිංහ-


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews