Course

Categories

2023 උසස් පෙළ ඉතිහාසය පාසල් විෂය නිර්දේශය

Lalith Gampolage
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

අම්මා තාත්තා ගාව අවුරුදු හයක් ඉදලා,   ඉන් පස්සේ තවත් අවුරුදු එකොළහක් විෂයන් ගණනාවක්   එක්ක තම ජීවිතය හොයපු   ඔයාලගේ ජීවිතේ කඩයිම් මායිම බිඳගෙන ඉදිරියට යන්න තවත් අවුරුදු දෙකක් තියෙනවා.  ඒ තමයි පුතේ උසස් පෙළ....

 අපි සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ පන්ති කාමරයට එන්නෙ දහසකුත් බලාපොරොත්තු එක්ක. අපි කරන්නෙ මොනවද, තොරගන්න විෂයන් සම්බන්ධයෙන් වත් කිසිත් නොදැන. ටීච කියපු හින්දා, සර් කියපු හින්දා, ඥාතීන් කියපු හින්දා විෂයන් තොරාගත් ඔයාට අවුරුදු දෙකක් ඔයා ගත්ත තීරණත් එක්ක ජීවත් වෙන්න වෙනවා. කැමැත්තෙන් වුනත් අකමැත්තෙන් වුණත්. මේක තමයි පුතේ උසස් පෙළ පන්තියේ වාඩි වෙන කලා විෂය ධාරාවෙන් ඉගෙනගන්න එන ගොඩක් අයගේ කතාව. 

පුතේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ අපි ජීවිතේ සාර්ථක හෝ අසාර්ථක කරන්නේ අපි ගන්න තීරණ. දක්ෂයෙකු අදක්ෂයෙකු වීමටත් අදක්ෂයෙකු දක්ෂයෙකු කරන්නත් බලපාන ප්‍රධාන හේතුව.

දරුවනේ මම ඔයාලට කියා දෙන්නේ ඉතිහාසය. කලා විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනයට එන දරුවන්ට පහසුවෙන් ඉහළ Z අගයක් එක්ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට පහසු විෂයක්.


 පුතේ ඔයාලා දන්නවද ලංකාවේ හරි ප්‍රසිද්ධයි වෛද්‍යවරුන්ට.  ඇයි කියල දන්නවද ඒ,  හිතන්න පුතේ ඔයාට තියෙන අසනීපයකට ඔයා ඔයාගේ යාළුවෙකුගෙන්  හරි වෙන කවුරු හරි කෙනෙකුට කිව්වොත්..... ඔයා මොනවගෙ උත්තරයක් හම්බෙයි ද?  කියපු ගමන් පුතේ එයා ඔයාට එක්කො බෙහෙතක් කියනවා නැත්තම් හොඳ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරනවා. ඔයාම හිතලා බලන්න ඒ බෙහෙත්වලින් ලෙඩේ සනීප වෙයිද? නැත්නම් මේ බෙහෙත හොයා ගන්න පුළුවන් වෙයිද? ඒ දෙකම නෑ නේද පුතා. අන්න ඒ වගේ තමයි පුතේ ඉතිහාසය හැමෝම උගන්වනවා හැමෝම දන්නවා අපිට ඕන විදිහට හරියට ඉතිහාසය ඉගෙන ගන්න බැරි වුණා. ඒ හින්දයි පුතේ හරියට ඉගෙනගෙන උගන්වන ඉතිහාසය පන්තියක් ඔයාට ඕනි. මම කැපවෙන්නේ දරුවනේ අන්න ඒ වෙනුවෙන්..

කරපු හොඳ දේවල් කරපින්නා ගෙන ඉන්නවත් ඒවා කියවීමටත් පුද්ගලිකව මා අකමැති වුනත් අවබෝධයක් ලබාගැනීමට චුට්ටක් කියන්නම්...


පුතේ වසර 12ක් තුළ කොළඹ, රත්නපුර ,ගම්පහ ආදී දිස්ත්‍රික්කයන් වල දිස්ත්‍රික් කුසලතා දිවයිනේ කුසලතා දරුවන් රැසක් සරසවියට දායාද කර තිබීම.


ක්‍රමානුකූලව විෂය නිර්දේශය නියමිත කාලයට පෙර අවසන් කිරීම හා වැඩි කාලයක් පුනරීක්ෂණ සඳහා භාවිතා කිරීම


සෑම විෂය ඒකකයක් ම අවසානයේ පවත්වනු ලබන ඒකක පරීක්ෂණ


සෑම දිනකම සිතියම් ලකුණු කිරීම හා නිවැරදිව හඳුනා ගත හැකි කෙටි  ක්‍රම


විධිමත් ලෙස සැකසුණු නිබන්ධන මාලාව


ඔන්ලයින්  පන්ති පැවැත්වුවත් පංතිකාමරයක අත්දැකීම හා සජීවී කරණය


තවත් ගොඩක්  දේවල් එක්ක ඉස්මාට් විදිහට ඒ ලෙවල් කරන්න.. ඉතිහාසය ඉගෙන ගන්න ඔබත් එන්න


ඉතිහාසය සර්

ලලිත් ගම්පොලගේ


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews