Course

Categories

10/11 ශ්‍රේණි පාසල් විෂය නිර්දේශය - ගණිතය

upschool admin
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

ජලය කෙතරම් ඉක්මනින් අපවිත්‍ර වන්නේද සහ එම ජලය පානය කරන තුන්වන ලෝකයේ රටක කොපමණ පිරිසක් වාර්ෂිකව රෝගාතුර විය හැකිද යන්න වීජ ගණිතයට පැහැදිලි කරන්න පුලුවන්. ජ්‍යාමිතිය අධ්‍යයනය කිරීමෙන් ලොව පුරා වාස්තු විද්‍යාව පිටුපස ඇති විද්‍යාව පැහැදිලි කරන්න පුලුවන්. සංඛ්‍යානය සහ සම්භාවිතාව මගින් ලොව පුරා භූමිකම්පාගැටුම් සහ වෙනත් විපත්වලින් මියගිය සංඛ්‍යාව තක්සේරු කරන්න පුලුවන්. ගෝලීය අවබෝධය සහ සන්නිවේදනය සඳහා ප්‍රබල මෙවලමක් වෙන්වා ගණිතය. එය භාවිතා කිරීමෙන් සිසුන්ට ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කර ගන්න පුලුවන් වගේම සංකීර්ණ හා සැබෑ ගැටලු විසඳා ගන්නත් හැකියාව ලැබෙනවා.

ඉතින් ඔබත් ගණිතය නිසා අමාරුවේ වැටිල දසිද්ධාන්ත තේරුම් යන්නේ නැද්දගණිතයේ මුල හසු වී නැද්දලකුනු අඩු වෙලාදතවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවදනෑ,.. හරිම ලේසියි... සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…. අමාරුයි කියන ගණිතය විෂය නිවැරදි මග පෙන්වීමක් එක්ක මම ඔයාලට කියල දෙන්වා. මගේ ආසම විෂය ගණිතය. ඒ නිසාම මම දැන් ඉංජිනේරුවරයෙක්. ගණිතයට ගේම ඉල්ලන ගණංකාරයෙක් වෙන්න එන්න අපේ smart ගනන් පන්තියට. (මම ඉංජිනේරු අරුණ S. ඉලංගරත්න)

 

සාර්ථකත්වයට ඉණිමං තනන ඔබේ හීන හැබෑ කරන්නට,

ඉලක්කම් අතරේ සිහිනය සොයන පුංචි දගකාරයන්ව ගණන්කාරයන් කරවන

අපේ කාලේ smart ගනන් පන්තිය

 

අනාගත නිමවුමක වර්තමාන සවිමත් අත්තිවාරමකට

6-11 ශ්‍රේණි සදහා “ගණිතය

ඉංජිනේරු අරුණ S. ඉලංගරත්න (BSc.Engineering(Hons),AMIE,ECSL)

 

විශිෂ්ඨ ප්‍රතිඵලයකට මග කියන අපේ වැඩසටහන

·        6-11 ශ්‍රේණි ගණිත විෂය නිර්දේශය මාස 10ක් කාලයකින් ආවරණය කිරීම

·        වාර විභාග අරමුණු කරගත් live Online විභාග පැවැත්වීම

·        සෑම පාඩමක් සදහාම ස්වයං අධ්‍යන නිබන්ධනක් ලබා දීම (Self-study tute)

·        ස්වයං තක්සේරු ඒකක පරීක්ෂණ (unit test) සෑම ඒකකයක් සදහාම online පැවැත්වීම

·        දරුවන්ගේ ගැටලු නිරාකරනය කිරීම සදහා ප්‍රශ්න/පිළිතුරු Q & A session සැසියක් සෑම මසකට වරක් පැවැත්වීම.

·        සා.පෙළ අරමුණු කරගත් 10/11 ශ්‍රේණි සදහා සැකසූ විශේෂ lesson package ඔස්සේ ඉගැන්වීම.

·        විභාගයට පාඩම් කරන විදිය. ප්‍රශ්න පත්‍ර කිරීමේදී කාලය කළමණාකරණය කරන විදිය.විභාග ගැටලු විසදන ආකාරය.කෙටි සටහන් හදා ගන්න විදිය එක් එක් පාඩම් අවසානයේ කියාදීම..


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews