Course

Categories

සිනමාකරණය පාඨමාලාව

Aravinda Wanninayaka
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

සිනමාව,

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්, ඒ හින්දම මේ මධ්‍යයෙන් අනෙක් මධ්‍ය යන්ට වඩා ඉක්මනින් සන්නිවේදනය කිරීමේ හැකියාව තියනවා. ඇසත්, කනත්, මනසත් එකවර සන්නිවේදනය කරන්න සිනමවට පුළුවන්. නමුත් ඒ නිර්මාණය නිවැරදි විදියට කළොත් පමණයි.


කැමරාවකින් ලබාගන්න හැම රාමුවකටම අර්ථයක් තියනවා. එකම වස්තුවක් අථිදුර රූපයකින් රාමුගතකරන විට දැනෙන අදහස මධ්‍යම රාමුවකින් ලබාගන්න විට වෙනස් වෙනවා. ඒ නිසා හරිම පරෙස්සමෙන් කැමරා රාමු ලබාගැනීම සිදුකරන්න වෙනවා. නැත්නම් ඔබට නිවැරදි සන්නිවේදනයක් ඔබගේ නිර්මාණය තුළින් කරන්න අපහසු වෙනවා. 


ඒ වගේම සංස්කරණයෙදී හැම රුප රාමුවක්ම එකට ගලපන්න බැහැ. එහෙම වුනොත් නරඹන්නාගේ ඒකාග්‍රතාවය බිඳිලා සන්නිවේදන බාධා ඇතිවෙනවා. ඒ වෙනුවෙන් කරන්න සිද්ධාන්තික ප්‍රයෝග කිහිපයක්ම තියනවා.


නිර්මාණයක් සාර්ථක වෙන්න බලපාන කාරනා රාශියක් තියනවා. ප්‍රධානම දේ තමයි ආන්තර්ගතයේ ඇති නව්‍යතාවය රසවත් බව, ඒ වගේම අධක්‍ෂණය, කමරාකරණය, සංස්කරණය, වර්ණ සංකලයන, සංගීතය සහ ශබ්ද සංයෝජනය, රංගනය ආදී තවත්  කාරණා රාශියක් බලපානවා.


අපි නිවැරදිව මේ සියල්ල ගැනම න්‍යායාත්මක කාරණා  ඉගෙනගමු. නිවැරදිව සිනමාවෙන් සන්නිවේදනය කරමු. ඔබට පුළුවන් ජාත්‍යන්තරයට යන්න.


දෙයක් හරියට දැනගෙන කරන එකයි නොදැන කරන එකයි කියන්නේ කාරණා දෙකක්. දෙයක් හරියට කරනවනම් අනිවාර්යෙන්ම ඒ නිර්මාණය මිනිසුන් පිළිගන්නවා. 


ඔබ යූටියුබ් නිර්මාණකරුවෙක් හෝ මංගළ අවස්ථා වීඩියෝගත කරන කෙනෙක්නම් ඔබට මේ පාඨමාලාව බොහොම වැදගත් වේවි. ඔබ ලබාගන්නා රාමුව නිවැරදිව ලබාගන්න සහ නිවැරදි සංස්කරණයකට අමුද්‍රව්‍ය සපයන්න ඔබට ගොඩක් උදව් වේවි.


එන්න අපි පුංචි සිනමාකරුවන් වෙමු.


නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. ඔබට වැදගත්නම් පමණක් මාස 4ක් පුරා අපි සිනමාව ඉගෙනගමු.


ඔබට පුළුවන් ඔබ අධ්‍යයනය කරන අංශයෙන් ඉදිරියේදී නිර්මාණවලට සම්බන්ද වෙන්න. අපි ඒ වෙනුවෙන් ඔබව  සම්භන්දීකරණය කරනවා.


ලක්ෂ ගණන් වියදම් කරන පාඨමාලා වෙනුවට අපි අය කරන්නේ රුපියල් 5000ක් පමණයි. 



Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews